Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 එරංග අවසන් ඕවරයේදී ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

එරංග අවසන් ඕවරයේදී ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 21 Comment
A A A

ජයග‍්‍රහණය සඳහා ලකුණු 350 ක ඉලක්කයක් කරා යාම පසෙක දමා සිය ගෞරවය වෙනුවෙන් සටන් වැදුණු එංගලන්ත කී‍්‍රඩකයන්ගේ සියලූම උත්සාහයන් අවසන්  ඕවරයේදී සුළෙ`ග් පාකර යැවූ ශමින්ද එරංග විසින් ජේම්ස් ඇන්ඩසන් දවාගනු ලැබීමත් සමගම ලීඞ්ස්හි හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 100 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.

මෙම ජයත් සමගින් තරග 2 කින් සමන්විත තරගාවලියත් 1-0 ක් ලෙසින් ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජන්ම භූමියේදීම එහි නිර්මාතෘවරුන් වන එංගලන්තය පරදවා ජයගත්හ.

තරගයේ අවසන් දිනය වූ අද (24 වැනිදා) දිනය පුරා යැවුණු  ඕවර 90 කදී තම කඩුලූ ආරක්‍ෂා කරගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට එංගලන්තය ගත් සියලූ උත්සාහයන් අවසන් වූයේ තරගයේ අවසන්  ඕවරයේ අවසන් පන්දුව ඉතිරිව තිබියදී රංගන හේරත් රැුකගත් උඩපන්දුවෙනි.

එංගලන්ත පිලේ අවසන් කඩුල්ල දවාගැනීම සඳහා  ඕවර 20 ක් වෙහෙස වීමෙන් පසුව නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුව ශමින්ද එරංගට බාර කළේ අවසන් උත්සාහයත් ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි. කෙටි පන්දු හමුවේ ජේම්ස් ඇන්ඩසන් දක්වන දුර්වලතා මනාව හඳුනාගෙන සිටි එරංග ඇන්ඩසන්ට යැවූ පළමු කෙටි පන්දුවෙන්ම විනිසුරුවරයාගේ අවවාදයට ලක්වූවත් පන්දු 4 කට පසුව ගත් දෙවැනි උත්සාහයේදී එරංග සාර්ථක විය. ඇන්ඩසන්ගේ පිත්තේ මිට පෙදෙසේ ගැටුණු පන්දුව මඳක් ඉහළ ගොස් ෂෝට් තර්ඞ් මෑන් හි සිටි රංගන හේරත්ගේ දෑත් අතර සැ`ගවී ගියේ ඓතිහාසික ජයක් ශී‍්‍ර ලංකා පිලට තිළිණ කරමිනි.

පන්දු 55 කට මුහුණ දෙමින් ලකුණක් නොලබා කඩුල්ල රැුකගත් ඇන්ඩසන්ට තම දැවීයාම අදහාගත නොහැකිව තණතීරුවේම හිස නමාගත් නමුත් සිහි එළවාගත් හෙතෙම ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට සුබපැතීමට එක්විය.

එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ල ලකුණු 228 දී බිඳ වැටීමෙන් පසුව අවසන් කඩුල්ල දවාගැනීම සඳහා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්  ඕවර 20.1 ක් වෙහෙස වූ නමුත් පන්දු 121 කට මුහුණ දෙමින් තම කඩුලූ ආරක්‍ෂා කරගැනීමට මුයීන් අලී සහ ජේම්ස් ඇන්ඩසන් සමත් වූහ. එංගලන්ත පිල පරාජයෙන් ගලවාගැනීමේ අදිටන ඇතිව, අති විශිෂ්ට පිතිහරඹයක යෙදුණු මුයීන් අලීට සිය මංගල ටෙස්ට් ශතකය සදානුස්මරණීය ශතකයක් කරගැනීමට තිබූ අවස්ථාව එරංගගේ අවසන්  ඕවරයෙන් ගිළීහී ගියේය.
මුයීන් අලී සිය අපරාජිත ලකුණු 108 වෙනුවෙන් පන්දු 281 කට මුහුණ දෙමින් ඒවායින් 17 ක් හතරේ සීමාවට යැවීය.


තරගයේ සිවුවැනි දිනයේදී ලකුණු 57 කට කඩුලූ 5 ක් අහිමි කරගෙන සිටින එංගලන්ත පිල බේරා ගැනීමට ඊයේ දිවා ආහාරයට පෙර වර්ෂාව පැමිණි නමුත් එයින් තරගයට බාධාවක් ඇති නොවිණ. වේලාසනින් දිවා ආහාරය ලබාගත් දෙපිලම පස්වරු 1.30 ට නැවතත් තරගයට අවතීරණ වූ නමුත් පන්දු යවන්නන් බලාපොරොත්තු වූ වාසිය ප‍්‍රමාද විය.  


ඊට සාපේක්‍ෂව එංගලන්ත පිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් අතර ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ මෙන්ම පන්දු රකින්නෝද දොස් ඇසීමට තරම් වරදක් නොකළහ. වේලාසනින්ම තරගය ජයගෙන ජයපැන් පානයට සුදානම් වූවෝ තම සාදය පමා වනු දැක අසහනයට පත්වූහ. එය කි‍්‍රකට් කී‍්‍රඩාවේ සදාතනික සත්‍යය වන ‘අවිනිශ්චිතතාව’ මිස අනෙකක් නොවීය.

කෙසේ වෙතත් අවසානයේදී ශී‍්‍ර ලංකා පිල මෙන්ම ‘ටෙස්ට් කි‍්‍රකට්’ කී‍්‍රඩාවද  ජයගත්තේ වසර 137 කට පසුවත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ තිබෙන ජීව ගුණය තවමත් නොනැසී පවතින බව සක්සුදක් සේ පැහැදිළි කරමිනි.

ඊයේ පෙරවරුවේදී තරගය ආරම්භ කළ අවස්ථාවේ සිටම ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් අනුගමනය කළේ එංගලන්තය විසින්ම නිර්මාණය කරගත් දශක 6 කට වැඩි පැරණි උපක‍්‍රමයකි. එංගලන්ත නායක ඩග්ලස් ජාඩින් යුගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිලේ සිටි ශ‍්‍රීමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් මෙල්ල කිරීම සඳහා පිතිකරුවාගේ ශරීරයට පන්දුව එල්ල කිරීම එම උපායයි.

එංගලන්ත කඩුලූ රකින්නා වූ මැතිව් ප‍්‍රයර්ට බවුන්සර් පන්දු වරුසාවකින් සංග‍්‍රහ කළ ධම්මික ප‍්‍රසාද්ට පස්වැනි කඩුල්ල තිළිණ කරමින් ෂෝට් ලෙග්හි සිටි කෞෂාල් සිල්වාගේ පන්දු රැුකීමක් නිසා ප‍්‍රයර්ගේ ඉනිම නිමා විය. ඊට පෙර නුවන් ප‍්‍රදීප් විසින් ජෝ රූට් දවාගන්නා ලදි.

ලෝඞ්ස්හිදී ද්විත්ව ශතකයක් ලබාගත් ජෝ රූට්, පන්දු 108 කට පසුව, තමන් දැවි ගිය බව අදහාගත නොහැකි වූ හෙයින් මඳ වේලාවක් කඩුල්ලේ රැුඳී සිටි නමුත් කරකියාගත හැකි දෙයක් නොමැතිව ආපසු ක‍්‍රීඩාගාරය බලා පියමං කළේය. මෙම ඉනිම තුළදී ඉතාමත් සංයමයෙන් යුතුව පන්දුවට මුහුණ දුන් එංගලන්ත මැද පෙළ පිතිකරුවා සිය ඉනිමට ඇතුළත් කළේ හතරේ පහර 4 ක් පමණි.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා....


අදහස් (21)

එරංග අවසන් ඕවරයේදී ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.